Skip to content

අන්තර්ජාලය සමඟ භාවනා කිරීම

අප්‍රේල් 4, 2008

Sri Lanka Telecom

ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආපහු ලියනවා. ලියන්න බැරිවුනේ අපේ පළමු වාර විභාගේ නිසා. විභාගේ නම් දැන් ඉවරයි. ඇඟට නොදැනීම අප්‍රේල් නිවාඩුවටත් ටිකෙන් ටික ළඟා වෙනවා. ජීවිතේ කියන්නේ ඔහොම තමයි කාලය යනවා තේරෙන්නෙම නෑ. සාමාන්‍ය පෙළ ලියන්නත් තව මාස කිහිපයයි තියෙන්නේ. මම තාම පාවිචිචි කරන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සී. ඩී. එම්. ඒ දුරකතනයක්. ඒකෙන් තමයි මේ ඔක්කොම වැඩ ටික අමාරුවෙන් හරි කරන්නේ. මට දැන් අන්තර්ජාලය සමඟ කටයුතු කිරීම නම් හරියට භාවනාවක් වගේ. පුදුම ඉවසීමක් තියෙන්න ඕනේ මේ සී. ඩී. එම්. ඒ එකෙන් අන්තර්ජාලයට සම්බන්ධවෙන්න. ඒක නිසාම මම මාස තුනකට කළින් (2008 ජනවාරි) නුගේගොඩ ටෙලිකොම් එකට ගිහිල්ලා කිව්වා මට දැන් තියෙන්නේ CDMA දුරකතනයක්, මට ඒක ස්ථාවර දුරකතනයකට මාරු කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ අය ලියුමක් ඉල්ලුවා. ඊට පස්සේ දවසේ මම ආපහු ගිහිල්ලා ලියුම භාරදුන්නා ඔන්න දැන් සතියක් විතර හිටියා. ඊට පස්සේ ආපහු ගියා නුගේගොඩ ටෙලිකොම් එකට. ගියාම එතනින් කිව්වා ඔයාගේ ෆෝන් එක ඇරගෙන තියෙන්නේ හම්බන්තොටින්, ඒක නිසා හම්බන්තොටින් මෙහාට මුලින් මාරු කරගෙන ඉන්න කියලා. ඔන්න ඒකටත් ඉතින් ලියුම භාරදීලා සතියක් විතර ගියා එහෙම සතියක් ඉඳලා ඒකට ගිහිල්ලා CDMA එකේ අංකෙත් මාරු කරගෙන ආවා. එහෙමත් කරලා ආපහු අළුත් අංකෙත් දාලා ලියුමක් දුන්නා

ඔන්න ඉතින් ඊටපස්සේ තව ටික කාලයක් ගියා තාම නෑ කිසිම පිළිතුරක් ඉතින් ඒක නිසා ආපහු මම ගියා නුගේගොඩ, ඊට පස්සේ එතනින් කිව්වා loops බලන්න දාලා තියෙන්නේ තව සතියකින් විතර එන්න කියලා…ඔහොම ඔහොම සතියෙන් සතිය ගියා දැන් අප්‍රේල් මාසෙත් පටන් ඇරගෙන ඒත් තාම නෑ පිළිතුරක් දැන් මොකද කරන්නේ… මට නම් දැන් එපා වෙලා තියෙන්නේ.

One Comment leave one →
  1. අප්‍රේල් 9, 2008 9:56 ප.ව.

    haha… thats a good thing…. they teach you how to control your anger and calm your mind ! if they know they give that for FREE they might bill you for that as well !!!!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers