Skip to content

සිංහල සාහිත්‍යයේ "ඊ"ළඟ යුගය වැඩි ඈතක නොවේ!

පෙබරවාරි 23, 2008

වර්තමානය වන විට සිංහල භාෂා මාධ්‍යයෙන් නිර්මාණය කරන ලද බ්ලොග් අඩවි හා වෙබ් අඩවි අනෙකුත් භාෂාවන්ට සාපේක්ෂව ඉතාමත් අඩු ප්‍රමාණයකිනුයි පවතින්නේ. නමුත් මෙම බ්ලොග් අඩවි හරහා මේ වන විට සිංහල සාහිත්‍යයේ නව මානයක් විවෘත කරමින් සිටිනවා. මෙය අප හැමදෙනාටම ඉතාමත් අවශ්‍ය කරන්නාවූ දෙයක්. කලින් වැඩිහිටියන්ට පමණක් සීමාවී තිබූ අන්තර්ජාලය මේ වන විශේෂයෙන්ම කොළඹ මධ්‍යගත කරගෙන පාසල් සිසුන් අන්තර්ජාලයට යොමුවෙලා තියෙනවා. නමුත් සාපේක්ෂ වශයෙන් අන්තර්ජායේ ශ්‍රී ලංකා‍වට වැදගත් වන, ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට ලබාදෙන දායකත්වය ඉතාමත් අඩුයි. ඔවුන් වැඩිපුරම යොමු වෙලා තියෙන්නේ සමාජ ජාල (Social Networking) වෙබ් අඩවි වෙතයි. කෙසේ නමුත් මා මුලින් පැවසූ ආකරයට අන්තර්ජාලයේ මේ විවෘත වන නව ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රටක් වශයෙන් අපට බොහෝ සෙයින් වැදගත්. සෑම දෙයකම හොඳ පැතිකඩ හා නරක ප්‍රතිඵල තිබෙන්නා මෙන්ම මෙහිදීද හොඳ සහ නරක මිශ්‍රව පවතිනවා.

මේ වන විට ශ්‍රී ලංකාව පුරා සැලකිය යුතු ප්‍රදේශවල නැනසල වැනි ආයතන බිහිවී තිබෙන නිසාත්, සිංහල යුනිකේත තාක්ෂණය භාවිතය සාපේක්ෂව වැඩිවී තිබෙන නිසාත් එම නැණසල මධ්‍යස්ථාන හරහා ගම්බද ශිෂයින්ට නිතිපතා තාක්ෂණය සමඟ යාවත්කාල වෙමින් තම දැනුම පුළුල් කර ගැනීමට හැකියාව තිබෙනවා.

නමුත් ඔන්න විශාල අර්බුදයක් ඇතිවීමට හැකියාව තිබෙනවා. එයට හේතුව වන්නේ මෙයයි. තවමත් ගම්බද ප්‍රදේශ වල ඉංග්‍රීසි දැනුම පවතින්නේ යහපත් මට්ටමක නොවේ. එමෙන්න සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම ලබා ගැනීමට අවශ්‍ය තරමේ ගුරුවරුන්ද සොයාගැනීමට අපහසුයි. එමනිසා අන්තර්ජාලය තුල දැනුම බෙදා දීම සඳහා සිංහල හෝ දමිළ මාධ්‍ය වෙබ් අඩවි ප්‍රමාණය වැඩිවිය යුතුයි. මේ වන විට දමිළ මාධ‍යයේ වෙබ් අඩවි ප්‍රමාණය වැඩි අගයක් ගත්තත් සිංහල මාධ්‍යයේ වෙබ් අඩවි ප්‍රමාණය ඉතාමත් අවම ප්‍රමාණය තිබෙනවා. ඒ අනුව වාණිජ හෝ වාණිජ නොවන පරමාර්ථයකින් සිංහල මාධ්‍ය වෙබ් අඩවි නිර්මාණය කිරීම ආරම්භ කිරීම කළ යුතුයි.

මේ වන විට තමන්ගේ බ්ලොග් අඩවි හරහා ජ්‍යෝතිෂ්‍ය වැනි විශයන්ද සිංහල භාෂාව මාධ්‍යයෙන් අද්‍යාපනික වැදගත්කමක් සහිත ආකාරයකින් නිර්මාණ වෙලා පවතිනවා. එමෙන්ම තමන්ගේ අදහස් උදහස් පළකරන ආකාරයෙන්ද තවත් බ්ලොග් අඩවි තුළ තාමන්ගේ විද්‍යා දැනුම අන් අයට ලබාදීම සඳහා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. තවත් බ්ලොග් අඩවි වල තමන්ගේ හිතට නැගෙන සිතුවිලි කවි හෝ නව කතා, කෙටි කතා බවට පත් කොට ප්‍රචාරණය කරමින් සිටිනවා. මේ සියල්ලම අනාගතයේදී අපගේ සාහිත්‍යට විශාල බලපෑමක් කරනු නියතයි. එමෙන්ම මෙම බ්ලොග් අඩවි තුළින් සිදුවන සේවාව ඉතා ඉහළින්ම ඇගයීමකට ලක් කල යුතුයි.

අනෙක් කරුණ නම්, භාෂාව. භාෂාව අපගේ මව් හා සමාන දෙයක් එනිසාම තමයි අපිට මව් භාෂාව යන වදන පරිහරණය කරනු ලබන්නේත්. භාෂාව විනාශ කිරීම අපගේ මව් විනාශ කිරීම තරම්ම සමානයි. නමුත් අන්තර්ජාලය තුලදී සිංහල භාෂාව භාවිතයේදී තාක්ෂණික ගැටළු නිසාම හා තමන්ගේ භාෂා දැනුමේ ඇති දුර්වල භාවය නිසාවෙන් ඇති වන වියරණ ගැටළු සාමාන්‍ය දෙයක් ලෙස සැලකීමට හැකි වුවත් අප අපේම විද්‍යුත් සාහිත්‍යක් නිර්මාණය කිරීමේදී හැකි තාක් දුරකට අක්ෂර පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්. මන්දයත්, යම් කිසි සංස්කෘතියක, රටක පැවැත්ම සඳහා භාෂාව ඉතාමත් වැදගත් නිසා. සියළු දෙයහි පැවැත්වෙන අනිත්‍ය ස්වභාවය සිංහල භාෂාවටත් පොදුයි. එම නිසා සිංහල භාෂාවට සිදු වන්නාවූ වෙනස්කම්, වඩාත් හරවත්, ධනාත්මක ආකාරයට යොදා ගත යුතුයි. භාෂාවක් විනාශයට පත් වූවහොත් නැවත ගොඩනැගීම ඉතාමත් අපහසු කාරණයක්.

විවෘත ලෝකය සමඟින් ගනුදෙනු කිරීමේදී ජාත්‍යන්තර භාෂාවක් වශයෙන් ඉංග්‍රීසි භාෂාව ප්‍රමුඛත්වයක් ගන්නා නිසා. හැකි තාක් දුරට ඉංග්‍රීසි භාෂාව රට පුරා සිටින සෑම අයෙකුටම ලබා දීම වැදගත්. ශ්‍රී ලංකා‍ව කුඩා රටක් නිසා ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධනයට අවශ්‍ය පහසුකම් නැංවීටමට ඉතා විශාල හැකියාවක් තිබෙනවා. එමෙන්ම අප රටෙහි ක්‍රියාත්මක වන නිදහස් අධ්‍යාපනය නිසාවෙන් මෙය සිදු කිරීම පහසු කාර්යයක්. නමුත් ඉංග්‍රීසි භාෂාව නිසා ලංකාවේ භාවිත සිංහල හා දමිළ භාෂාවන් අමතක කිරීම නම් ඉතාමත් අවැදගත් වැඩක්. අප හොඳින් හඳුනනා අරිසෙන් අහුබුදු මහතා පවසන ආකාරයෙන් අධ්‍යාපනයේ මුල් කාලය තුළ හැකි උපරිම අයුරින් තම තමන්ගේ මව් භාෂාව සම්පූර්ණයෙන්ම ඉගැන්වීම සිදුකළ යුතුයි.

ඒ අනුව අප අපගේ විද්‍යුත් සාහිත්‍ය යුගය (E-සාහිත්‍ය) ඇරඹීමෙන්. වඩාත් යහපත් අනාගතයක සුභ ළකුණු දකින. දෙස බස රකින් තාක්ෂණයෙන් පිරිපුන් නිර්මාණශීලි අනාගත පරපුරක් බිහිකිරීමට හැකිවනු ඇත.

One Comment leave one →
  1. ජූනි 20, 2008 10:46 පෙ.ව.

    i saw your blog. it’s verry create. wish you all the best.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers