Skip to content

අතීත සිහිනය (කෙටි කතාවකි)

පෙබරවාරි 2, 2008

මේ කෙටි කතාව මම 8ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී ‍සිංහල ඇගයීමකට ඉදිරිපත් කරන්න ලියපු කෙටි කතාවක්.මේකේ පොඩි සංස්කරණයන් කරලා තමයි දැක් මගේ අන්තර්ජාල සටහනට දාන්නේ.

එදින රාත්‍රී ආහාරය නිමකොට නිමල් තම නේවාසිකාගාර සයනාගාරයට පැමිණයේ රාත්‍රී දහයට සියල්ලන්ම නින්දට ගියවිට සියල්ලන්ටම රහසේ ලිපියක් ලිවීමට සිතේ අදිටන් කරගෙනය. තමා එව වසරේදී ලංකාවේ සෑම 5ශ්‍රේණායේ සිටින්නාවූ සියළුම සිසුන්ට මුහුණදීමට සිදුවූ ශිෂ්‍යත්ව විභාගය ගැන කිහිප විටක්ම මෙනෙහි කළේය. රාත්‍රී නින්දට යන සීනුව වැදෙනු ඔහුට හොඳින් ඇසුණි. නිමල් සහ අනෙක් ළමෝ එම හඬට අවනත වී නින්දට යාම සඳහා තම තමන්ගේ ඇඳවල් වෙතට ළං විය.

සියල්ලන්ම තමන්ගේ සයන වල දිගාවී ඔවුනොවුන්ගේ ඕපාදූප කීමට පටන් ගත් අතර එහෙන් මෙහෙන ඇහෙන සිනා හඬවල් වලට කන් නොදුන් නිමල් වෙනදා මෙන් නොව නිහඬව කල්පනාවේ යෙදී සිටියේය.

එක්වරම සියල්ලලෝම නිහඬ විය. එයට හේතුව වූයේ හිටිගමන් සයනාගාරයට කඩා වදිනා ශිෂ්‍ය නායකයා පැමිණීමේ සංඥ්‍යව බව නිමල් සහසුද්දෙන්ම දත්තේය.

“කෝ මේකේ මොනිටර්!”
ඒ ශිෂ්‍ය නායකයාගේ හඬය.

අඩි සද්දයක් නැඟී එක්වරම නැවතිණ.

“ආ තමුසෙද මොනිටර්?”…
“ඇයි යකෝ තාම ලයිට් දාලා? අපි තමුසෙලට කියලා තියෙනවා නේද නමයයි කාලට ලයිට් නිවන්නයි කියලා? ආ? කතා කරපන්! මොකද ගොළු වෙලා?”
ශිෂ්‍ය නායකයා‍ගේ කට හඬ ඉතාමත් දැඩි විය.

චටාස්! පටාස්! හඬට බියවූ නිමල්ගේ දෑස් ඉබේම විවෘත විය. නිමල් දුටුවේ තම සයනාගාර නායකයාව කමිස කොලරයෙන් අල්ලාගෙන සිටින ශිෂ්‍ය නායකයාය.

නැවත වරක් දෑස් වසාගෙන ඔහුට මුනින් අතර හැරී නිදා ගන්නට සිත් වූවත් ඔහුට රාතුයේ කිරීමට වැඩ කිහිපයක් ඉතිරිවී තිබුණි. සයනාගාරයේ තත්ත්වය සන්සුන් වූ අතර සයනාගාර නායකයා ආලෝකය නිවා දැමූ අතර මුළු සයනාගාරයම නිහඬතාවයට පත් විය.

මඳ වේලාවකට පසු තම කොට්ටය යත අතපත ගා විදුලි පන්දම සොයාගෙන දල්වාගත් නිමල්, කොට්ටය යට තිබූ තනිරූලි පොත ගෙන මැද පිටුව ඉරා ගත්තේය.

පෑන අතට ගත් නිමල් මෙසේ පිටුවේ සටහන් කරන්නට විය

“නේවාසිකාගාරයේ සිට ලියමි,
බුදු සරණයි!
ආදරණීය අම්මා සහ තාත්තා වෙත,

අම්මා ඊයේ මාව බලන්න මෙහේ ආවේ නැත්තේ ඇයි? ඊයේ කෝල් එකක්වත් නොදුන්නේ ඇයි අද හරි දෙන්න තිබුනනේ… “

තව මොනවාද ලියන්නේ… නිමල් කල්පනා කරන්නට පටන් ගත්තේය. නොදැනීම ඔහු අතීතයට දිව ගියේය…

ගමේ පාසලෙන් ඉගෙනීමට පියවර තැබූ නිමල් පළවන ශේණියේ සිටම සෑම විෂයකින්ම පන්තියේ පළමු වැනියා වීමට තරම් දක්ෂයෙක් විය. ලංකාවේ සෑම සිසුවෙකුගේම ප්‍රථම කඩඉම වූයේ 5ශේණි ශිෂ්‍යත්වයයි. නිමල් 5වසරේ ශිෂ්‍යත්වය සඳහා පන්ති ගියේද නැත, ඔහුට පන්ති යාමට අවශ්‍ය වූයේද නැත. දෙමව්පියන් කිසිදු බල කිරීමක් කළේද නැත. ඔහුට අවශ්‍ය වූයේ සතිපතා ළමා පුවත්පතත්, අසල්වැසි ළමෝ සමඟ සෙල්ලම් කිරීමටත්, රූපවාහිනිය නැරඹීමටත් පමණි.

පාසලේ වැඩ අකුරටම කළ ඔහුට පාසලේ ලබාදුන් ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර වලට සියයත්, අසූවත් අතර ළකුණු ප්‍රමාණයක් ලැබුණත්, සමහරක් විට ළකුණු හැට හැත්තෑව නොලැබුනා නොවේ. පන්තියේ පිරිමි ළමුන්ගේ නායකයා වූ නිමල්ට කාගේත් පුසාදය හිමිවුන අතර පන්තියේ සෑම ළමයෙක්ම ඔහුට මිතුරන් වූ අතර එයින් එක් විශේෂ මිතුරියක්ද නොසිටියා නොවේ.

ඒ ශිෂ්‍යත්ව දිනය විය. උදේ පාන්දරම නින්දෙන් පිබිදු නිමල් කෙළින්ම ගියේ තමන්ගේ මේසය වෙතය. ඔහු පාසලේදී කළ සියළුම ප්‍රශ්න පත්‍ර පරික්ෂා කර බැලුවේය. මුහුණ සෝදා ගත් නිමල්, උදේ ආහාරය ගෙන උදේ නවයයි තිහ වනවිට විභාග ශාලාවට ඇතුල්විය. ප්‍රශ්ණ පත්‍රය අතට ලැබිණ එය දුටු විට නිමල්ට එය කජු කනවා මෙන් ලෙහෙසි විය. නිමල්ය එය එදානම් සතුටට කාරණයක් විය. ඒත් අද?

ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැර ඇති බව දැනගත් නිමල්, පාසල් නොගොස් පියා සමඟ නගරයට ගොස් අන්තර්ජාල පහසුකම් ඇති ස්ථානයකින් ළකුණු දැනගනීමට ගියේය. ළකුණු දැනගත් ඔහුගේ ඉහේ මලක් පිපුනා මෙන් විය. ළකුණු 178ක් නිමල් ලබා තිබුණි. ඔහු පාසලේ අවසන් වාර පරීක්ෂණ විභාගයෙන්ද පළමු තැන ලබාගෙන සිටි‍යේය.

අතීත ආවර්ජනයක යෙදුනු නිමලු යෙදී දිටි කාර්යයට හිත යොමා නැවත ලිපිය ලියන්නට පටන් ගත්තේය

“… අනේ අම්මේ මාව මෙහෙන් එක්ක යන්න. මට නම් අම්මයි තාත්තයි නැතුව මෙහේ ඉන්න බෑ. ඊයේ ටී ටයිම් එකේදී වැඩිපුර බිස්කට් ඉල්ලුවයි කියලා මගේ හොඳම කමිසේ කොලර් එකෙන් අල්ලලා ඉස්සුවානේ, උඩ බොත්තම් දෙකක්ම ගැලවුනා. දවසක් මගේ යාළුවාගේ ඇද හරියට හදලා නැතිව පොඩ්ඩක් රැළි තිබ්බයි කියලා එයාගේ කනෙන් ලේ එන්න ප්‍රෆෙක්ට් අයියා කම්මුලට ගැහුවා. මට නම් මෙහේ ඉන්න බෑ බෑමයි…”

එක්වරම නිමල්ගේ දෑසීන් කඳුලු කැට ගලා එන්නට විය. කදුළු බින්දු ලියුමේ තැනින් තැනට ‍වැටෙන්නට විය. එනිසා ලියුමේ තැනින් තැන බොඳවන්නට විය. වමෙම විද්‍යාලයට පැමිණීමට ලැබුනේ නිමලුගේ පෙර පිනකින් බව කලින් පාසලේ ගුරුතුමා එදා පැවසූ බව මතකයට නැඟුනු නිමල්ට සිතුනේ මේ නේවාසිකාගාරයට පැමිණියේ මහා පවකට බවයි.

නැවතවරක් කල්පනාවට පිවිසි නිමල්ගේ දැහැන බිඳුනේ නේවාසිකාගාර පාලකයාගේ කට හඬිනි…

“කවුද 6වසරේ නිමල් කියන්නේ?”
“සර් මම!” යැයි කියමින් තමා නිදා සිටි සයනයෙන් බැස පාලක තුමා ළඟට ගියේය.

“ආ, ඔයාද? මේ දැන් ටිකකට කලින් කෝල් එකක් ආවා” පාලක තුමාට ඉතිරි ටික කීමට නිමල් ඉඩ දුන්නේ නම් නැත.

“මේ දැන්? මට? කවුද කතාකළේ? අම්මාද? තාත්තාද? මොකක්ද කිව්වේ?”
ප්‍රශ්න වැලෙන් හෙම්බත්වූ පාලක තුමා…
“ඔව්, ඔයාට, පොඩ් ආරංචියක්, ඒත්,”
“ඇයි? ඒත්?” නිමල්ට ඉවසිලි නැති විය.
“ඒ…ත්…. ඔයාගේ තාත්තා… කිව්වා… ඊයේ ඔයාගේ… අම්මා…”
“ඊ…යේ මගේ අම්මා? ඔව්… ඉතින්….?”
“ඊ…යේ ඔයා..‍ගේ… අම්ම… ඔයා…ව බලන්න… එද්දී බස්… එකට… අ… අනතුරක්… වෙලා…..”
“මොනවා…!! වෙන්න බෑ….!” මේ වන විටත් නිමල්ගේ දෑසින් කඳුලු බිඳු එකින් එක වැටෙන්නට පටන්ගෙන තිබුණි.

නිමල්ට ඒ දිනය මහා මූසල දිනයක් විය. වේලාව සෙමෙන් ගෙවී ගියේය තමාගේ මිය ගිය මව ගැන සිතමින් ඔහු නින්දට ගිය අතර ඒ වන විටත් ඔහුගේ සයනය ඔහුගේ කඳුළු වලින් තෙමී තිබිණ. පැය කිහිපයකිව් ඔහු වෙත කෙමෙන් කෙමෙන් නිදි දෙව් දුව ළඟා විය.

“නිමල් මහත්තයා, තව ලෙඩෙක්”
ඒ කටහඬ රෝහල් සේවක සිරිපාලගේය. එම හඬින් අවදිවූ නිමල් දොස්තර මහතා ඒ රෝගියාට බෙහෙත් කිරීම සඳහා තම අසුනෙන් නැඟිට ශල්‍යාගාරය වෙතට පිය මැන්නේය.

නිමි.

One Comment leave one →
  1. පෙබරවාරි 2, 2011 4:57 ප.ව.

    මට මේ කතාවෙ හරිම සමීප බවක් දැනෙනව මල්ලි. මේ අද්දැකීම් මේ විධියට අත් විඳින්න නොලැබුනත්, උදාහරණයක් විදියට මං පාසල් යන කාලෙ නේවාසිකාගාරයක නැවතිලා හිටියෙ නෑ. ඒත් ඔයා කියන්න හදන පාසල් සමයේ තනිකම හා ඉහල යයි සම්මත අධ්‍යාපනයක් ලැබුවත් හිතේ ඇති අතෘප්තිකර බව ඒ විදියටම මගෙත් තියෙනව. අදයි ඔයාගෙ බ්ලොග් එක දැක්කෙ. දිගටම ලියන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers