Skip to content

සුපිරි තරු සිහිනය සැබෑවූ වගයි!

ජනවාරි 31, 2008

ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවගෙන් 80%ක් පුල පුලා බලා සිටි දෙවැනි අදියරේ පළමු සුපිරි තරුව ලෙස ඊයේ (2007ක්වූ ඔක්තෝම්බර් මස 27 වෙනි දින) අපේ දොස්තර පුතා හෙවත් ප්‍රදීප් රංගන අභිෂේක ලැබුවා. ගණනය කළ නොහැකි විවෘත හා පෞද්ගලික පැසසුම් ගැරහුම් මධ්‍යයේ දැන් දෙවැනි සුපිරි තරුවද තෝරා අවසන්. මීළඟ සුපිරි තරුව වන්නේ ඔබද මමද? මමත් ඊළඟ සුපිරි තරුව තේරීමේ තරඟයට ඉල්ලුම් පත්‍රයක් යවන්නයි ඉන්නේ… මගේ පළමු වටේ තියෙන දවසට ජාතික සත්තු වත්තෙන් ආවොත් ශ්‍රී ලංකාවට ආවේණික ගැරඬි විශේෂ ඉතාමත් පහසුවෙන් අල්ලා ගන්න පුළුවන් වේවි (සමහරවිට). ගණන් ගන්න එපා විහිළුවක් කරේ (හිනාගියාද දන්නේ නෑ). ඔන්න ඔන්න ට්‍රැක් එකෙන් පිට ගියා. හරි හරි ආපහු මෙවර සුපිරි තරුව ගැන කතාකරමු. ඇත්තටම මට මේ සිරස සුපර් ස්ටාර්ස් 2වැනි අදියර (Season 2) පළමු අදියරට වඩා අති සාර්ථක යැයි හැ‍‍ෙඟනවා. මම නම් මුල ඉඳලම හිතුවේ සුරේන්ද්‍ර පෙරේරා සුපිරි තරුව වේවි කියලා. ඒත් ඉතින් අපි හිතන දේ හැම වෙලාවෙම වෙන්නේ නෑනේ මම මේ ජායාරූප උපුටා ගත්තේ සිරස මාධ්‍ය ජාලයේ ඊතලය වෙබ් අඩවියෙන් එහි සුපිරි තරු අතර දිදිලූ තරු 11ක ජායාරූප තියෙනවා. ඇයි එක්කෙනෙක්ගේ විතරක් නැත්තේ? සුපිරි තරු අනුශූරයා වූ සුරේන්ද්‍ර පෙරේරා ගැන කිසිම සඳහනක් නෑනේ. හිතට නම් ටිකක් දුකයි. මොනවා කරන්නද? සුපිරි තරුව වූ ප්‍රදීප් රංගන අනාගතයේ හදවතට (භෞතිකමය හදවත නොවෙයි) වෙද කම් කරන හදවතේ දොස්තර කෙනෙක් වෙන බවට නොඅනුමානයි. ඔහු දැන් තාරුණ්‍යයේ අයිතමයක් වී හමාරයි. මගෙන් ඔහුට උණුසුම් සුභ පැතුම් තවත් රස බර සිරස සුපර් ස්ටාර්ස් අදියරක් එන තෙක් මා හදවතේ දෑස් නොවසා බලාගෙන ඉන්නවා
ගීතමය දෙයක් පිළිබඳ කතාවක ඉඳිද්දී කාව්‍යමය අදහස් ඉබේම නැගෙනවා. මේ පහතින් මා දක්වා ඇත්තේ මාත් මලින්තත් [ඔහුගේ බ්ලොග් අඩවියට පිවිසෙන්න] අතර ඇතිවූ ජාලගත සංවාදයක (Online Chat) කොටසක්
Supun: කෙසේද සැපදුක්?
malinthe: වරදක් නැත දැන්
Supun: ඇසීමත් වේය සතුටක්
සුපිරි තරුව ගැන ඔබේ අදහස්?
Supun: කිසිවෙක් පැරදුනේ නැත බං :)
Supun: මාත් කරනව බ්ලොග් එකක් දැන්
http://www.ssudaraka.blogspot.com
malinthe: සිංහලද?
Supun: නැතුව නැතුව…
malinthe: හොඳා
හිතුවේ නෑ ප්‍රදීප් දිනයි කියා
Supun: මාත් එසේමැයි
සිතූ දේ නොම වේය සැමවිට
ගැසුවා කෙ.ප.සේ 4ක් (පසුව එකතු කරමි – කෙ.ප.සේ කියන්නේ කෙටි පණිවිඩ සේවය හො‍‍ඳේ) :D
වැඩක් නම් නොම වුනේ
අපරාදේ රු20ක්
malinthe: අපි යැව්වා ප්‍රදීප්ට විසිපහක්!
Supun: මට නම් නැතේ එච්චර මුදල්

ප්‍රතිචාර 6 leave one →
  1. අගෝස්තු 3, 2008 6:37 ප.ව.

    සිරසට බැන්නට Super Star ට ආද‍රෙයි වගෙ නේද? SMS යවන්නත් මෝඩ උනාද මල්ලියෝ ?

  2. අගෝස්තු 3, 2008 6:48 ප.ව.

    සිරසට නිකන් බැන්නේ නෑ හේතු ඇතිවයි බැන්නේ. (අනික මේක සිරසේ වැඩ ගැන එච්චර තේරුමක් නැති කාලේ දාපු එකක්) ගමෙන් ගායකයෝ ගෙනල්ලා සුපිරි තරු කරන එකේ කිසි වරදක් නෑ. වරද තියෙන්නේ නාලිකාවේ ක්‍රියාකාරිත්වයේ! කොටින්ට කඩේ යන එක හරිද? කිසිම රසඥතාවයක් නාට්‍ය 4ක් එකදිගට පෙන්නට එක හරිද? (ත්‍රස්තවාදයට) පක්ෂපාතී ප්‍රවෘත්ති විකාශනයක් කරන එක හරිද? හමුදාවේ ක්‍රියාමාර්ග ගැන ප්‍රවෘත්ති වල ප්‍රකාශ කරන්න බැරි ඇයි?

  3. අගෝස්තු 3, 2008 9:25 ප.ව.

    1. ජනවාරි 31 සිරස හොද වෙන්නත්, ඊට මාස 6 ට පසු සිරස න‍රක් වෙන්නත් හෙතුව මොකක්ද? (ජනවාරි 31 ට සිරස පෙන්නන්න පටන් අරන් අවුරුදු 9 වැඩි නේද?) අවුරුදු 9 අවබෝද නොවුනු දේ මාස 6 න් අවබෝද උනාද?

    2. රසඥතාවයක් නැති උනාට වැඩිම් දෙනෙක් බලන්නෙ රන්දෙපැය නේද? අනිත් නාලිකාත් පෙන්නන්නේ බොහොමයක් ඒවාගෙම “පහත්” නාට්ය නේද?

    3. රජයේ මාද්ය වල යන අත්නවාදි පුවත් හ‍රි ද? (සෑම නාලිකාවකටම agenda එකක් තියෙනවා. බ්ලොග් වලට වගේම. බලන නොබලන එක ජනතාවගෙ වැඩක්. මා නම් ක‍රන්නේ සිරස සහ රූපවාහිනි දෙකම බලන එක.)

    4. රජයේ මාද්ය අතුලු සියලු මාද්ය ක‍්රන්නෙ සිරස කොපි ක‍රන එක නේද?

    5. මේවා කියලා මට කොටියා කියලා ලෙබල් ගහයි ද?

    මට නම් ඔය කොයි නාලිකාවත් එකයි. සිරස කියලා වෙනසක් නැහැ. හොද නම් බලනවා. නැත්නම් නොබල ඉන්නවා.

    මුල සිට අගටම මා ඔබගේ posts කියෙව්වා. දිගටම ක‍රගෙන යන්න. ඉස්කෝලෙ නම තියා ගන්න. :)
    සුබ පතනවා !

  4. අගෝස්තු 3, 2008 10:08 ප.ව.

    අහා! හොඳ ප්‍රතිචාරයක්! මම කිව්වේ මට හිතෙන දේ. මම බොහෝ විට උත්සාහ කරේ මධ්‍යස්ත සටහනක් ඉදිරිපත් කරන්නයි. එහිදී මම කිව්වා සිරස සාමාන්‍ය ජනතාව ඉල්ලන රසාස්වාදයක් ලබා දෙනවා කියලා. ඒ වගේම, මම කිව්වා කෙලින් කතාව වගේ වැඩසටහන් මම බලනවා කියලාත්. හැබැයි සිරස ප්‍රවෘත්ති ප්‍රචාරය ගැන පිළිකුළක් තියෙනවා. රටේ අංක එකේ නාලිකාවක් වෙලත්, රටේ වාතාවරණය ගැන කතා කරන්නේ නැත්තේ ඇයි? වෙන නාලිකා වල අය අත පය කඩාගෙන තමන්ගේ ජාතික මෙහෙවර ඉටු කරද්දී ඇයි වෙන ප්‍රවෘත්ති හොයාගෙන උඩ පැනගෙන යන මේ නාලිකාවට ඒ ප්‍රවෘත්ති විතරක් ඉදිරිපත් කරන්න බැරි? ඔබ ඔය ඉදිරිපත් කරලා තියෙන 3වෙනි ප්‍රශ්නේම තියෙනවා ඒ ඒ මාධ්‍ය වලට වෙනම agenda එහෙම නැත්නම් න්‍යාය පත්‍රයක් තියෙනවා කියලා හරි. න්‍යාය පත්‍රයක් තියෙනවා. එතකොට සිරසේ මාධ්‍ය ප්‍රතිපත්තිය හොඳට තියුණු ඇසකින් බලන අයට පේන්නේ නැද්ද?
    දැන් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නම්.

    අංක 1.
    ජනවාරි 31 සිරස හොඳ වෙන්නත්, මේ වෙනකොට සිරස නරක් වෙන්නත් බැරි කමක් නැද්ද? තමන්ගේ අදහස් වෙනස් වෙන්නේ නැද්ද? යමෙක් හොඳක් කරනකොට ඒ හොඳ කියන්නත්, නරකක් කරනකොට නරක කියන්නත් බැරිද? එහෙම නැත්තම් වරදක් දකිනකොට “ආ එහෙනම් ‍කරගෙන පලයන් ඇර සොයිසා” කියාගෙන කට ඇරගෙන බලාගෙන ඉන්න එක හරිද? ඒ වගේම මාස 6කින් සිරස කරන වැරැද්ද තේරුම් ගන්න මට මොලේ පෑදුනානම්, ඇයි ඔබතුමා අවුරුදු නමයක්ම (හෝ ඊට වැඩි කාලයක්) ඒ දේ තේරුම් ගන්න තරම් අන්ධද?

    අංක 2.
    ඇයි දෙයියනේ ඇස් පේන්නේ නැද්ද හැබෑටම? මම කිව්වා නේද ම‍ගේ සටහනේ, ලංකාවේ වැඩි දෙනෙක් රන්/ගොන් (කැමති එකක් දාගන්න) දෙපැය බලනවා කියලා. ඒක වත් තේරුම් ගන්න බැරිද? මුල සිට අගට පෝස්ට් කියෙව්වා කියලා කිව්වත්, මට නම් පේන්නේ ‍ඔයා කියවලා නෑ වගේ, “සිරසක් නැති සිරස” කියලා මාතෘකාවේ තිබ්බ පමණින් නලියන්න ඕනේ නෑ. කියවලා බලන්න මම කියලා තියෙන්නේ මොකක්ද කියලා.

    අංක 3.
    කවුද කිව්වේ රජයේ මාධ්‍ය වල යන අන්තවාදී ප්‍රවෘත්ති හරි කියලා? මම එහෙම කිව්වාද? මම මේ මාතෘකාවේ කතා කරේ සිරස ගැන. සිරස පෞද්ගලික මාධ්‍යයක්. ‍රටේ සාමාන්‍ය ජනයා අතර යම් කිසි පිළිගැනීමක් තිබෙන නාලිකාවක් ඒ වගේම මේ වගේ තැන්වල කතා බහට ලක්වෙලා තියෙන නාලිකාවක් ඒක නිසා සිරස උත්සාහ ගන්න ඕන රටේ තත්ත්වෙත් තේරුම් ගන්න. ඒක නිසා වෙනත් පෞද්ගලික මාධ්‍ය (විශේෂයෙන්ම ස්වර්ණවාහිනී හා දෙරණ ප්‍රවෘත්ති) වල ප්‍රවෘත්ති වලට ගොඩක් දෙනා දැන් ඇදිලා යනව. ඒක නිසා ඒක වලක්වන්න නම් ‍රටේ දූෂණ, මංකොල්ල කෑම්, පැහැරගැනීම් වැනි දේවල් පෙන්නන ගමන්, හරවත් සමබර දේශපාලනික සංවාද තියන්න උත්සාහ ගන්නවානම්, රජයේ හමුදාවන්ගේ කැපවීම ගැන පෙන්නන එකේ වරදක් නැත්ද? තමන්ටත් නිදහසේ මාධ්‍යයක් ගෙනියන්න රටක් තියෙන්න ඕනේ නේද? හදිස්සියේ ඔය කැමරාවක් උස්සගෙන දුවද්දී බෝම්බයක් වැදුනොත් මොකද කරන්නේ? ඒ වගේ වෙලාවක ආරක්ෂාව සපයන්නේ අපේම ත්‍රිවිධ හමුදාව නේද?

    අංක 4.
    කෙටි පිළිතුරක් දෙන්නම්. “ඔව්” ඒක ගැන කතා කරන්න දෙයක් නෑ.

    අංක 5.
    කිසිම අවශ්‍යතාවයක් නෑ ලේබල් ගහන්න.
    තවත් දෙයක්, ඇයි පාසල මෙතනට ගාව ගත්තේ?

    ඔබ සමඟ කිසිදු තරහක් නෑ. මා සමඟ වෛරයක් ඇති කර නොගනීවී යැයි සිතනවා

  5. අගෝස්තු 3, 2008 10:30 ප.ව.

    ඔබේ මතයට ගරු ක‍රනවා. මා කිසිම තැනක “සිරස මරු” කියා කීවේ නැහැ. නමුත් මා අන්තවාදී නැහැ.

    පාසලත් සිරසත් අත‍ර සම්බන්දයක් නැහැ. ඔබට සුබ පතන ගමන් හිත හොදින් කිව්වේ පාසලෙ නම තියා ගන්න කියා. ඔබට හොද දෙයක් කී විට negative ගන්න එපා මල්ලියෝ.

  6. අගෝස්තු 3, 2008 10:42 ප.ව.

    මේක අපි මෙතැනින් නවත්තමු. සුභ පැතුමට ස්තූතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers