Categories
ඉතිහාස ගවේෂණ

සැබෑ සිංහලයන් යනු කවුරුන්ද? (සංවාදයට අනිවාර්යයෙන්ම විවෘතයි)

මා සතුව ඇති ඉතිහාසය පිළිබඳව දැනීම මඳ වූවත් මෑතකදී මවිසින් පරිශීලනය කරන ලද පොත් පත් හරහා මට පෙනී ගියේ දැනට අප විසින් සාමාන්‍යයෙන් විශ්වාස කරනු ලබන මතය වන සිංහලයන් යනු විජය රජුගෙන් පැවත එන්නන් යන විශ්වාසය බිඳ හෙලිය හැකි බව යන්නයි. මාගේ හා තවත් ඉතිහාසඥයින් කිහිප දෙනෙකුගේ මතයන් වනුයේ සිංහලයින් යනු ඊටත් වඩා පුරාණ ඉතිහාසයක් සහිත වූ ජාතියක් යන්නය. කෙටියෙන්ම පැවසුවහොත් ශ්‍රී ලංකාව යනු ලෝකයේ කේන්ද්‍රස්ථානය වන්නේය.

මුලින්ම සිංහලයන් යනු කවුරුන්දැයි විමසා බලනු කැමැත්තෙමි. සිංහලයන් යනු සිව් හෙළයින් වේ. එම සිව් හෙළයින් මෙසේ දැක්වීම හැකියාව ඇත

  1. යක්ෂ ගෝත්‍රිකයින්
  2. නාග ගෝත්‍රිකයින්‍
  3. දේව ගෝත්‍රිකයින්
  4. තවත් එක් යම්කිසි ගෝත්‍රික කණ්ඩායමක්

මේ අනුව මෙම ගෝත්‍ර හතරේ එකමුතුවෙන් සෑදුනු ඒකීය ජන කණ්ඩායම සිව් හෙළයින් හෙවත් සිංහලයින් වේ. මෙම සිංහලයින් සතුව ඉතාමත් ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අතර එම ඉතිහාසය අවම වශයෙන් වසර 10,000කටවත් ඈත අතීතයකට හිමිකම් කියයි. මෙම ඉතිහාසය පිළිබඳ දැනට ඇති මූලාශ්‍ර ඉතාමත් අවම වන නමුත් මෙම මතය ඉදිරිපත් කිරීමට පෙන්විය හැකි ප්‍රධානතම සාධකය වනුනේ රාමායනය නම් වන වීර කාව්‍යයයි. එමෙන්ම මෙම ඉතිහාසය පිළිබඳ සනාථ කළ හැකි ප්‍රාග් ඓතිහාසික සාධකද මේ වන විට හමුවී ඇති අතර, හමුවෙමින්ද පවතින බව මා හට ජනමාධ්‍ය හරහා විටින් විට දැක ගැනීමට හැකියාව ලැබිණ.

එමෙන්ම මෑතකදී සොයාගන්නා ලද ප්‍රාග් ඓතිහාසික සොහොනක්ද (මට එය පිහිටා ඇති ස්ථානය නම් නම් මතකයේ නෑ. කොහොම හරි ලංකාවේ තමයි පිහිටලා තියෙන්නේ) අපගේ සාධක වන සත්‍ය භාවය වඩාත් තීව්‍ර කරයි. එය දැනට අප විසින් පිළිගනු  ලබන ප්‍රථම රජු වන විජය රජු පැමිණිමට පෙර කාලයකට අයත් වන්නක් වේ. ප්‍රාග් ඓතිහාසික සොහොනක් තුලින් පෙන්නු‍ම් කෙරනුයේ එකල සමාජය තුළ තිබූ ක්‍රමවත් භාවය වන අතර එයින්ම පෙන්නුම් කරනුයේ එම සමාජය තුළ තිබූ ක්‍රමවත් භාවය බැවින්, අප හ‍ට පිළිගැනීමට හැකිවන්නේ විජය රජු පැමිණීමට පෙරද අප සතුව අතිශයින් ක්‍රමවත් සමාජ පද්ධතියක් තිබූ බවයි.

තවත් ලිපි ඉදිරියේදී බලාපොරොත්තු වන්න. යම් කිසි අදහසක් ලබා ගැනීම සඳහා 2008-01-27 දින පළවූ ජයරත්න පතිර ආරචිචි මහතාගේ රාවණ රජ සමයේ පුරා විද්‍යාත්මක සාක්ෂි (http://www.rivira.lk/2008/01/27/rividahara1.htm) ලිපිය කියවන්න. සැබෑ සිංහලයින් කවුරුන්දැයි අපි අන්තර්ජාලය හරහා සොයා බලමු.

සුපුන්  සුදාරක – http://blog.sudaraka.com

20 replies on “සැබෑ සිංහලයන් යනු කවුරුන්ද? (සංවාදයට අනිවාර්යයෙන්ම විවෘතයි)”

මම මේකියන්න යන කාරනාව ගැන ඔබට සිනහා යාමට පුළුවන ඒත් මා එය පිළිගන්න නිසා ඔබ හට කීමට කැත්තෙමි.
2001 වසරේදී මට මිතුරෙකු මගින් ‘කොක්ගල නිලමේ’ නම් පොතක් ලැබුනා.(‍ඔහු කීවේ එය හොල්මන් කාතාවක් කියා.) මේ පොත ලියා තිබුනේ හේ මාකස් සූරීන්. ඔහු ‍තමාගේ මිතුරෙකුව සිටි ‘කොකාගල නිලමේ’ ගැන සිද්ධියක් මේ පෙතේ දැක්වේ.(සාහිත්යහමය අවෂ්යනතා හේතුවෙන් පොතේ නම කොක්ගල නිලමේ ලෙස යොදා ඇත)
එම කතාව සැක‍වින් මෙසේය.
හේමාකස් ගේ මිතුරෙකු සිටයා(ඔහුගේ නම නම් දැන් මතක නෑ.) ඔහුට කොකාගල නිලමේ නම් භූතයෙක් ආවේශවෙයි. තමාගේ දියනිය කසාද බඳින ලෙස පොරොන්දු‍වී එසේ නොකර සිටීම නිසා හේමාකස් ගේ මිතුරා මරාදැමීම සඳහා මේ කොකාගල නිලමේ භූතයා ඔහුගේ ශරීරයට පැමිනේ. කෙසේවුවත් හේමාකස් මේ භූතයා හා මිතුරුවේ. දිනක් ඔහු හා කතාකිරීමේදී භූතයන්ගේ බලවතෙක් හේමාකස්ට හඳුන්වාදීමට මේ කොකාගල නිලමේ පොරොන්දුවේ. ඒ බලවතා ගෙදර අවතේව කරන්න සිටින මිනිසෙකුට ආවේශවී හේමාකස් සමග කතාකරයි. නමුත්මේ බලවතා ඔහුට කතාකරන්නේ වෙනත් නමකිනි. මෙයි පුදුමයට පත් හේමාකස් තමා ගැන වැරදීමක් සිදුවී ඇති බව මේ බලවත් භූතයාට දැනුම්දෙයි. හේමාකස් රාවනා රජුසමයේදී රාක්ෂ ගෝත්රතයේ ඉපද සිටි කාලයේ තමාගේ මිතුරෙකුව සිටි බවත් එකල හැඳින්වූ නමින් ඔහුව හැඳින්වූ බවත් මේ භූතයා දැනුම්දෙයි. මේ බලවත් භූතයා වසර දහස් ගණනක් භූතයෙකුව සිටිබව ඔහුට දැනුම්දෙයි. රාවනා රජු ඉන්දියාවේ රාම රජු හා යුද්ධ කිරීමට තම සේනාව ඉන්දියාවට රැගෙන යාමට පාලමක් තැනූබවත්. ඒ සඳහා ස්වෙච්චාවෙන් රාක්ෂගෝත්රිරකයන් ඉදිරිපත්ව ශ්රැමය සැපයූ බවත් ඒසඳහා හේමාකස්ද එවක උදව් කල බව පවසයි. එය අද අබලන්ව මන්නාරම් පාලම නමින් හැඳින්වෙන බවත් පවසයි. ‍ඒපාලම රාම රජු සෑදූබව තමා අසා තිබූබව හේමාකස් පැවසූවිට එය බොරුවක් බවත් ඒ ඉන්දියනුවන් තම වාසියට ගෙතූ කතාවක් බවත් හේමාකස්ට ‍භූතයා පහදාදෙයි. ඒ අනුව රාම රජු හා සටනට ගිය ‍රාවනා රජු ඒ සටනින් පැරදීම හේතුවෙන් සියදිවි නසාගත් බවත්, රාවනා රජු කිසිවෙකුට මාරාදැමිය නොහැකි බවත් ‍ඔහු පවසයි.
මේ පොත හැකිනම් සොයාගෙන කියවන්න.
සතූතියි෴

පොතේ කාන්ඩ 03ක් තියනවලු.කෙනෙක් මට ඊමේල් කලා පේරාදෙනිය කැම්පස් එකේ පුස්තකාලයේ කාන්ඩ එක දෙක තියනවා කියලා.මම ගොඩක් කල් ඉදලා ඔය පොත හොයන්නේ.ඉන්ටෙර්නෙට් එකෙන් කොපියක් හොයාගත්තා.ඒ පලවෙනි පොත.ඒත් මට පෙනෙන හැටියට ඒකේ පි‍ටු අඩුයි.ඔයාට පුලුවනිනම් මට එක පොතක් හෝ පොටෝ කොපි ගහලා එවන්න මම මුදල් ගෙවලා ගන්නම්.ඕන නම් මම මුදල් කලින් එවන්නම්.මේක ලොකු උදව්වක්.
මම

හිතවත් සුදාරක,
උත්සාහය බොහො ම හොඳයි. මුලින් ම ඔයාගේ ටෙම්ප්ලේට් එකේ පොඩි ගැටළුවක් තියෙනවා.ඒක firefoxවල බලන්න බෑ. ඒ නිසා වෙන ටෙම්ප්ලේට් එකක් තෝර ගන්න එක හොඳයි.
අපේ ඉතිහාසය මහාවංසයට සීමා වීම විශාල ගැටළුවක්.ඒක හුදු ජනප්‍රවාද ඇසුරින් ලියන ලද වීර කාව්‍යයක්නේ.එහි තිබෙන ඇතැම් කරුණු සත්‍ය මූලාශ්‍ර ලෙස සැලකීම නිසා විශාල හානියක් වෙනවා රටට.සිංහලයේ සම්භවය විජයාගමනය සමග බද්ධ කිරීම නිසා ද්‍රවිඩ ජාතිවාදීන් මතයක් ගෙන යනවා රාවනා ද්‍රවිඩ රජෙක් කියලා.ඒ අනුව මේ රටේ මුල් පදිංචිකරුවෝ ද්‍රවිඩයෝ මිසක් සිංහලයෝ නෙමෙයි.
මෙවැනි විකෘති කිරීම්වලට හේතුව රටේ ඉතිහාසය නිරවුල්ව ලියා නොතැබීමයි.එබැවින් රටේ ඉතිහාස සංගායනාවක් පැවැත්විය යුතු ව තියෙනවා.ප්‍රධාන හේතුව මෑත කාලීන ලාංකික ඉතිහාසඥයින් අන්ත බටහිර ගැති දීනයන් වීමයි. ඔවුන්ගේ ලේඛන බලන සිංහලයා සිය අතීතය ගැන ආඩම්බර වනු වෙනුවට විළියෙන් හැකිළි යයි. අප ශිෂ්ටාචාර ගත කළේ සුදු මහත්වරු නොවේදැයි සිතයි.ප්‍රතිඵලය ලෙස රටේ දීනයන් බිහිවෙයි. එක් අතකින් මෙවැනි විකෘති ඉතිහාසයක් උගන්වනු වෙනුනට එය නො ඉගැන්වීම හොඳ ය. අනෙක් අය ඉතිහාසය ලියන්න නොදන්න අය ය.එම ඉතිහාසය කිසිදු තාර්කික පදනමක ගොඩ නගා නැත. එහෙයින් එම ඉතිහාසයට වඩා මුලින් කී ඉතිහාසය පිළිගැනීමට පෙළඹේ.
අනෙක් හේතුව කි.පු.3 වන සියවසේ සිට අකණ්ඩව පැවත එන සෙල් ලිපි සමූහය අපේ රටේ ඉතිහාසය ලිවීම සඳහා භාවිත නොකරීමයි.
මේ හේත නිසා රටේ ඉතිහාස සංගායනාවක් පැවැත්විය යුතු ය.
ඔබ ඇරඹු කාර්යය ඉතා ම වටිනවා. දිගට ම කරන්න. comment නෑ කියා නොලිය ඉන්න එපා. මේක ඔයාට රට වෙනුවෙන් කරන්න පුළුවන් ලොකු සේවයක්.රටට යමක් කරන්න ලැබීමත් වාසනාවක්.

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ
(එස්.මහින්ද හිමි)

ඔබගේ සියළුම ප්‍රතිචාර වලට මගේ හෘදයාගම ස්තූතිය පුද කරන අතර මෙම කතිකාවත තවත් පුළුල් කිරීම සඳහා මා සූදානමින් සිටින අතර ළඟදීම තවත් ලිපි බලාපොරොත්තු වන්න.

@ charith, නියමයි! ඔබට පුළුවන්ද ඒවා මගේ විද්‍යුත් තැපැල් ලිපිනයට ලැබීමට සලස්වන්න?

Hi,
How to write comments in Sinhalese language ? Please let me know.
Chethiya.

ආයුබෝවන් චේතීය,
ඔබට සිංහල භාෂාවෙන් ප්‍රතිචාර දැක්වීමට නම් ඔබ‍ගේ පරිගනකයේ සිංහල යතුරු පුවරුව ස්ථාපනය කරගත යුතුයි.

එම යතුරු පුවරුව ස්ථාපනය කරගැනීම සඳහා කරුණාකර http://www.siyabas.lk/si/ වෙබ් අඩවිය වෙතට පිවිසෙන්න.

එමෙන්ම, ‍තවත් විස්තර දැනගැනීමට කරුණාකර http://www.sinhalabloggers.com/sinhala-help/keyboards-typing වෙත පිවිසෙන්න.

ස්තූතියි.

සිංහයයින්ගේ ආරම්භය කොතනද?එය ආරම්භ වුයේ විජය රජු රජුගෙන්ද? නැතහොත් විජය රජු ඉන්දියාවේ සිට මෙරටට පැමිනන විට ලංකාව නිජභුමිය කරගත් යක්ශ,නාග,දේව හා රාක්ශ ජන වර්ග යන සිවුහෙලයින්ගේ හා විජය රජුගේ පිරිසගේ එකමුතුවෙන්ද?
මහාවංශයේ සදහන් වනුයේ සිංහල ජන වර්ගය පැවැතෙන්නේ විජය රජුගෙන් බවටය.
එවිට විජය රජු පැමිනන විට සිටි යක්ශ,නාග,දේව හා රාක්ශ යන සිවුහෙලයින්ට සිදුවුයේ කුමක්ද?
මෙහිදි මා සිතනුයේ යක්ශ,නාග,දේව,රාක්ශ සිවුහෙලයින්ගේ හා විජය රජුගේ පිරිසගෙන් සිංහල ජන වර්ගය ඇතිවු බවයි.
එනමි විජය රජු මෙරටට පැමිනන විට ලංකාව නිජභුමිය කරගත් යක්ශ,නාග,දේව හා රාක්ශ ජන වර්ග යන සිවුහෙලයින් සතු සංස්කෘතිය විසින් විජය රජු ගෙනාආ සංස්කෘතියහි යම් යම් දේ අවශෝෂණය කරගෙන සිංහල ජන වර්ගය හා සංස්කෘතිය වර්දනයවි ඇති බවයි. මෙය එක දවසකින් දෙකකින් සිදුවුවක් නොවේ,කාලයක් මුලුල්ලේ සිදුවු පරිණාමයකි.
අනුරාදපුර යුගයේ සදකඩ පහනේ තිබුනු ගව රුපය පොලොන්නරු යුගයේදි ඉවත් කෙරුනේ දෙමල ජනවර්ගයෙන් කෙරුනු බලපැම් නිසයි. එවගේම සිංහලයන්ගේ (සිවු හෙලයින්ගේ) සංස්කෘතියත් විජය රජුගේ සංස්කෘතියන් ඔපවත් වෙන්න ඇති.

මෙහිදි සිවුහෙලයින්ගේ සංස්කෘතිය විසින් විජය රජුගේ සංස්කෘතිය අවශෝෂණය කර ගත්තාමිස විජය රජුගේ සංස්කෘතිය තුලට සිවුහෙලයින්ගේ සංස්කෘතිය අවශෝෂණය වුයේ නැත. යම් හෙයකින් ව විජය රජුගේ සංස්කෘතිය තුලට සිවුහෙලයින්ගේ සංස්කෘතිය අවශෝෂණය වුයේ නම් අපද දෙමල වැනි දවිඩ කුලයට අයිති භාෂාවක් කතා කරනු ඇත.එනම් අප වර්තමාන තමිල්නාඩුවේ අනාර්යයන් දවිඩ භාෂාව කතාකල සංකරමණිකයන්ට මුලුමනින්ම අවශෝෂණය වුවා මෙන් අවශෝෂණය වුයේ නැත, එනම් අප දවිඩකරණයට හසු වුයේ නැත එමෙන්ම අහංගම මහතාට1 අනුව සිංහල යනු විජය ගෙනා භාෂාවක් නොවේ. එනම් සිංහල භාෂාව මෙහි සිවුහෙලයින් සන්නිවේදනය සදහා අනාදිමත් කාලයක සිට යොදාගත් භාෂාවයි.
විජය රජු පැමිනිමට බොහෝ කාලයකට පෙර සිට මෙහි වාසය කල යක්ශ,නාග,දේව හා රාක්ශ යන සිවු හෙලයින් හැදින්විමේ පහසුවතකා සන්දි කර පසුකාලිනව “සිංහල” ලෙස හැදින්වුවා විය හැක. එමෙන්ම මහාචාර්ය නලින් ද සිල්වා මහතාට3
අනුව සිංහල ජාතියද චින ජාතිය මෙන්ම ලොකයේ ඉතා පැරණිම ජාතියකි.

අරිසෙන් අහුබුදු ශුරින්ට අනුව සිංහ ජාතියත් (සිංහයාගෙන් පවත එන පරපුර)+ හෙළ ජාතිය සමග මුහු වීමෙන් .සිංහ+හෙළ= සිංහල .එනම් අප මේ දෙකේම සම්මිශ්‍රණයකි.එහෙත් එක එක ජන කොටසට මේ දෙවර්ගයේ ලක්ෂණ අඩු වැඩි වශයෙන් තිබිය හැක.කොක්ගල නිලමේ පොත කියවා බලන්න.එහි හරි අපුරුවට විජයාවතරණයට පෙර යක්,රක්,නාග,දේව ලෙස කොටස් හතරකට හෙළයන් බෙදී සිටි හැටිත් එනම් සිව්හෙලය විජය විසින් සිව් කොටස වෙනුවට තමාගේ සිංහ වචනය දම සින්හහෙලය ලෙස හැදින්වූ හැටිත් දක්වා තිබේ.රක් යනු රකුසන් නොව රකින්නන් හෙවත් කිසිවෙකු හානි නොකළ යුතු වස්තු අද දක්වාම ඔවුන්ගේ මරණින් මතුත් ආරක්ෂා කරන්නන් බවත් රාවණ රක් රැහන් රජ වූ බවත් එකල ප්‍රමුඛ රැහැ රකුන් බවත් කතරගම දෙවියන් රාවණාගේ නැවත ඉපදීම බවත් එතුමා දේව රැහේ දෙවියන් බවත් මේ රටේ හෙළයන්ගේ දෙවියෙකු වන එතුම දෙමළ දෙවියෙකු නොවන බවත් හෙලයන්ව අදටත් එතුමා ආරක්ෂා කරන බවත් එම පොතේ දැක්වේ.මිට අමතරව උපුක්වන් දෙවියන් යක් රැසටද රක් රැසට විභීෂණ දෙවියන්ද නාග රැසට සුමන සමන් දෙවියන්ද අයත් වේ.

මෙය ඉතාමත් පහසුවෙන්, ත්‍රිපිටකයෙහි එන අටනටිය සුත්‍රයෙන් අපට විසදා ගත හැක! බුදුන් වැඩ සිටියේ ලංකාවේය, ඉන්දියාවේ සිටියේ මහවිර නම් වූ විරිසන්ගේ නැති හෙලුවල්ලෙන් ඇවිදින බමුණෙකි, ඔහුගේ මනස්ගාත නිර්මල බුදු දහම සහ සිංහල සාහිත්‍යය තුලට පොවන ලද්දේ ඉන්දියාවෙන් පැමිණි, මහානාම හා බුද්ධගෝෂ න හිමි වරුන් විසිනි, !! සත්‍ය කවදාවත් එලිවන්නේ නැත! අප විසින් බුද්ධිමත්ව එලි කර ගත යුතු වෙමු !!!!!!!
http://www.lakehouse.lk/budusarana/2008/02/20/tmp.asp?ID=fea03

වීර

කොග්ගල නිලමේ පොත මමත් කියෙව්වා ඒක මනංකල්පිතව ගොතන ලද කතාවක් වෙන්න බෑ නමුත් මගේ යාලුවෝ කට්ටියක් රාවන යුගයේ ජීවත් උන ආත්ම කිහිපයක් සමග සම්මබන්ද තාවයක් ගොඩනගාගෙන තිබුන ඒ ආත්ම දෙනලද තොරතුරු ඔස්සේ කරනලද පර්යේස්සන වලින් ඔවුන් කියනලද කිසිම දෙයක් හමුවුයේ නැත එම ආත්ම අපේ කණ්ඩායම රවටා ඇත නමුත් එම ආත්ම දෙනලද මන්තර සහ ආරාධනා මන්තර නම් සත්‍ය වී ඇත මකර නමින් හදුන්ව ගත් ආත්මය එනවිට ගස්කොලන් අබරගෙන තද සුලන් හමා ඇත පසුව ඒ බොරුකාර ආත්ම පන්නා දාම ඇත

Dear Anil, කොග්ගල නිලමේ පොත මිලදී ගත හැකි තැනක් නම් කරන්න. ඔබ සතුව සම්පූර්න පොත ඇති නම් එහි පිටපතක් ලබා ගත හැකිද?

කොග්ගල නිලමේ 1 සහ 2 අන්තර්ජාලයේ තියනවා.හොයාගෙන කියවන්න.

හෙළදිව සැඟව ගිය අතීතය යළි පිබිදෙනු දැක්මේ ඒකායන පැතුමෙන්, වර්ථමාන හෙළයන් සඳහා.. කොග්ගල නිලමේ පළමු හා දෙවෙනි කොටස මෙසේ අන්තර්ජාලයට එක් කල වගයි.

කොග්ගල නිලමේ පළමු හා දෙවන කොටස

මේ පොත් ද්විත්වය කියවා ලබන දැනුමෙන් ඔබ රැස් කරගන්නා පින්, ඉපැරණි හෙළ වංශ කථාවේ අප නොදුටු පැත්ත හෙළි පෙහෙළි කර දුන් මෙම පොත් වල කර්තෘ හේ. මාකස් ප්‍රනාන්දු මහතාටත්, හීන් බණ්ඩාර මහතාටත් රාවණ යුගයේ සිටි හෙළ විරුවන්ටත්, ඔවුනට මාධ්‍ය වූ ඒ. එෆ්. කොකාවල මහතාටත් අනුමෝදන් වේවා.

මා මේ පිලිබද පර් යේශනයක් සිදු කරමින් පවතිනව පසුව විස්තරයක් ඉදිරිපත් කරන්නම්
එයට අනුව ඉතිහාසය උඩුයටිකුරු වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.