Skip to content

සැබෑ සිංහලයන් යනු කවුරුන්ද? (සංවාදයට අනිවාර්යයෙන්ම විවෘතයි)

ජනවාරි 28, 2008

මා සතුව ඇති ඉතිහාසය පිළිබඳව දැනීම මඳ වූවත් මෑතකදී මවිසින් පරිශීලනය කරන ලද පොත් පත් හරහා මට පෙනී ගියේ දැනට අප විසින් සාමාන්‍යයෙන් විශ්වාස කරනු ලබන මතය වන සිංහලයන් යනු විජය රජුගෙන් පැවත එන්නන් යන විශ්වාසය බිඳ හෙලිය හැකි බව යන්නයි. මාගේ හා තවත් ඉතිහාසඥයින් කිහිප දෙනෙකුගේ මතයන් වනුයේ සිංහලයින් යනු ඊටත් වඩා පුරාණ ඉතිහාසයක් සහිත වූ ජාතියක් යන්නය. කෙටියෙන්ම පැවසුවහොත් ශ්‍රී ලංකාව යනු ලෝකයේ කේන්ද්‍රස්ථානය වන්නේය.

මුලින්ම සිංහලයන් යනු කවුරුන්දැයි විමසා බලනු කැමැත්තෙමි. සිංහලයන් යනු සිව් හෙළයින් වේ. එම සිව් හෙළයින් මෙසේ දැක්වීම හැකියාව ඇත

  1. යක්ෂ ගෝත්‍රිකයින්
  2. නාග ගෝත්‍රිකයින්‍
  3. දේව ගෝත්‍රිකයින්
  4. තවත් එක් යම්කිසි ගෝත්‍රික කණ්ඩායමක්

මේ අනුව මෙම ගෝත්‍ර හතරේ එකමුතුවෙන් සෑදුනු ඒකීය ජන කණ්ඩායම සිව් හෙළයින් හෙවත් සිංහලයින් වේ. මෙම සිංහලයින් සතුව ඉතාමත් ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අතර එම ඉතිහාසය අවම වශයෙන් වසර 10,000කටවත් ඈත අතීතයකට හිමිකම් කියයි. මෙම ඉතිහාසය පිළිබඳ දැනට ඇති මූලාශ්‍ර ඉතාමත් අවම වන නමුත් මෙම මතය ඉදිරිපත් කිරීමට පෙන්විය හැකි ප්‍රධානතම සාධකය වනුනේ රාමායනය නම් වන වීර කාව්‍යයයි. එමෙන්ම මෙම ඉතිහාසය පිළිබඳ සනාථ කළ හැකි ප්‍රාග් ඓතිහාසික සාධකද මේ වන විට හමුවී ඇති අතර, හමුවෙමින්ද පවතින බව මා හට ජනමාධ්‍ය හරහා විටින් විට දැක ගැනීමට හැකියාව ලැබිණ.

එමෙන්ම මෑතකදී සොයාගන්නා ලද ප්‍රාග් ඓතිහාසික සොහොනක්ද (මට එය පිහිටා ඇති ස්ථානය නම් නම් මතකයේ නෑ. කොහොම හරි ලංකාවේ තමයි පිහිටලා තියෙන්නේ) අපගේ සාධක වන සත්‍ය භාවය වඩාත් තීව්‍ර කරයි. එය දැනට අප විසින් පිළිගනු  ලබන ප්‍රථම රජු වන විජය රජු පැමිණිමට පෙර කාලයකට අයත් වන්නක් වේ. ප්‍රාග් ඓතිහාසික සොහොනක් තුලින් පෙන්නු‍ම් කෙරනුයේ එකල සමාජය තුළ තිබූ ක්‍රමවත් භාවය වන අතර එයින්ම පෙන්නුම් කරනුයේ එම සමාජය තුළ තිබූ ක්‍රමවත් භාවය බැවින්, අප හ‍ට පිළිගැනීමට හැකිවන්නේ විජය රජු පැමිණීමට පෙරද අප සතුව අතිශයින් ක්‍රමවත් සමාජ පද්ධතියක් තිබූ බවයි.

තවත් ලිපි ඉදිරියේදී බලාපොරොත්තු වන්න. යම් කිසි අදහසක් ලබා ගැනීම සඳහා 2008-01-27 දින පළවූ ජයරත්න පතිර ආරචිචි මහතාගේ රාවණ රජ සමයේ පුරා විද්‍යාත්මක සාක්ෂි (http://www.rivira.lk/2008/01/27/rividahara1.htm) ලිපිය කියවන්න. සැබෑ සිංහලයින් කවුරුන්දැයි අපි අන්තර්ජාලය හරහා සොයා බලමු.

සුපුන්  සුදාරක – http://blog.sudaraka.com

ප්‍රතිචාර 9 leave one →
  1. ජනවාරි 28, 2008 11:07 ප.ව.

    මම මේකියන්න යන කාරනාව ගැන ඔබට සිනහා යාමට පුළුවන ඒත් මා එය පිළිගන්න නිසා ඔබ හට කීමට කැත්තෙමි.
    2001 වසරේදී මට මිතුරෙකු මගින් ‘කොක්ගල නිලමේ’ නම් පොතක් ලැබුනා.(‍ඔහු කීවේ එය හොල්මන් කාතාවක් කියා.) මේ පොත ලියා තිබුනේ හේ මාකස් සූරීන්. ඔහු ‍තමාගේ මිතුරෙකුව සිටි ‘කොකාගල නිලමේ’ ගැන සිද්ධියක් මේ පෙතේ දැක්වේ.(සාහිත්යහමය අවෂ්යනතා හේතුවෙන් පොතේ නම කොක්ගල නිලමේ ලෙස යොදා ඇත)
    එම කතාව සැක‍වින් මෙසේය.
    හේමාකස් ගේ මිතුරෙකු සිටයා(ඔහුගේ නම නම් දැන් මතක නෑ.) ඔහුට කොකාගල නිලමේ නම් භූතයෙක් ආවේශවෙයි. තමාගේ දියනිය කසාද බඳින ලෙස පොරොන්දු‍වී එසේ නොකර සිටීම නිසා හේමාකස් ගේ මිතුරා මරාදැමීම සඳහා මේ කොකාගල නිලමේ භූතයා ඔහුගේ ශරීරයට පැමිනේ. කෙසේවුවත් හේමාකස් මේ භූතයා හා මිතුරුවේ. දිනක් ඔහු හා කතාකිරීමේදී භූතයන්ගේ බලවතෙක් හේමාකස්ට හඳුන්වාදීමට මේ කොකාගල නිලමේ පොරොන්දුවේ. ඒ බලවතා ගෙදර අවතේව කරන්න සිටින මිනිසෙකුට ආවේශවී හේමාකස් සමග කතාකරයි. නමුත්මේ බලවතා ඔහුට කතාකරන්නේ වෙනත් නමකිනි. මෙයි පුදුමයට පත් හේමාකස් තමා ගැන වැරදීමක් සිදුවී ඇති බව මේ බලවත් භූතයාට දැනුම්දෙයි. හේමාකස් රාවනා රජුසමයේදී රාක්ෂ ගෝත්රතයේ ඉපද සිටි කාලයේ තමාගේ මිතුරෙකුව සිටි බවත් එකල හැඳින්වූ නමින් ඔහුව හැඳින්වූ බවත් මේ භූතයා දැනුම්දෙයි. මේ බලවත් භූතයා වසර දහස් ගණනක් භූතයෙකුව සිටිබව ඔහුට දැනුම්දෙයි. රාවනා රජු ඉන්දියාවේ රාම රජු හා යුද්ධ කිරීමට තම සේනාව ඉන්දියාවට රැගෙන යාමට පාලමක් තැනූබවත්. ඒ සඳහා ස්වෙච්චාවෙන් රාක්ෂගෝත්රිරකයන් ඉදිරිපත්ව ශ්රැමය සැපයූ බවත් ඒසඳහා හේමාකස්ද එවක උදව් කල බව පවසයි. එය අද අබලන්ව මන්නාරම් පාලම නමින් හැඳින්වෙන බවත් පවසයි. ‍ඒපාලම රාම රජු සෑදූබව තමා අසා තිබූබව හේමාකස් පැවසූවිට එය බොරුවක් බවත් ඒ ඉන්දියනුවන් තම වාසියට ගෙතූ කතාවක් බවත් හේමාකස්ට ‍භූතයා පහදාදෙයි. ඒ අනුව රාම රජු හා සටනට ගිය ‍රාවනා රජු ඒ සටනින් පැරදීම හේතුවෙන් සියදිවි නසාගත් බවත්, රාවනා රජු කිසිවෙකුට මාරාදැමිය නොහැකි බවත් ‍ඔහු පවසයි.
    මේ පොත හැකිනම් සොයාගෙන කියවන්න.
    සතූතියි෴

  2. ජනවාරි 29, 2008 7:44 පෙ.ව.

    හිතවත් සුදාරක,
    උත්සාහය බොහො ම හොඳයි. මුලින් ම ඔයාගේ ටෙම්ප්ලේට් එකේ පොඩි ගැටළුවක් තියෙනවා.ඒක firefoxවල බලන්න බෑ. ඒ නිසා වෙන ටෙම්ප්ලේට් එකක් තෝර ගන්න එක හොඳයි.
    අපේ ඉතිහාසය මහාවංසයට සීමා වීම විශාල ගැටළුවක්.ඒක හුදු ජනප්‍රවාද ඇසුරින් ලියන ලද වීර කාව්‍යයක්නේ.එහි තිබෙන ඇතැම් කරුණු සත්‍ය මූලාශ්‍ර ලෙස සැලකීම නිසා විශාල හානියක් වෙනවා රටට.සිංහලයේ සම්භවය විජයාගමනය සමග බද්ධ කිරීම නිසා ද්‍රවිඩ ජාතිවාදීන් මතයක් ගෙන යනවා රාවනා ද්‍රවිඩ රජෙක් කියලා.ඒ අනුව මේ රටේ මුල් පදිංචිකරුවෝ ද්‍රවිඩයෝ මිසක් සිංහලයෝ නෙමෙයි.
    මෙවැනි විකෘති කිරීම්වලට හේතුව රටේ ඉතිහාසය නිරවුල්ව ලියා නොතැබීමයි.එබැවින් රටේ ඉතිහාස සංගායනාවක් පැවැත්විය යුතු ව තියෙනවා.ප්‍රධාන හේතුව මෑත කාලීන ලාංකික ඉතිහාසඥයින් අන්ත බටහිර ගැති දීනයන් වීමයි. ඔවුන්ගේ ලේඛන බලන සිංහලයා සිය අතීතය ගැන ආඩම්බර වනු වෙනුවට විළියෙන් හැකිළි යයි. අප ශිෂ්ටාචාර ගත කළේ සුදු මහත්වරු නොවේදැයි සිතයි.ප්‍රතිඵලය ලෙස රටේ දීනයන් බිහිවෙයි. එක් අතකින් මෙවැනි විකෘති ඉතිහාසයක් උගන්වනු වෙනුනට එය නො ඉගැන්වීම හොඳ ය. අනෙක් අය ඉතිහාසය ලියන්න නොදන්න අය ය.එම ඉතිහාසය කිසිදු තාර්කික පදනමක ගොඩ නගා නැත. එහෙයින් එම ඉතිහාසයට වඩා මුලින් කී ඉතිහාසය පිළිගැනීමට පෙළඹේ.
    අනෙක් හේතුව කි.පු.3 වන සියවසේ සිට අකණ්ඩව පැවත එන සෙල් ලිපි සමූහය අපේ රටේ ඉතිහාසය ලිවීම සඳහා භාවිත නොකරීමයි.
    මේ හේත නිසා රටේ ඉතිහාස සංගායනාවක් පැවැත්විය යුතු ය.
    ඔබ ඇරඹු කාර්යය ඉතා ම වටිනවා. දිගට ම කරන්න. comment නෑ කියා නොලිය ඉන්න එපා. මේක ඔයාට රට වෙනුවෙන් කරන්න පුළුවන් ලොකු සේවයක්.රටට යමක් කරන්න ලැබීමත් වාසනාවක්.

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ
    (එස්.මහින්ද හිමි)

  3. ජනවාරි 29, 2008 10:57 පෙ.ව.

    ඔබගේ සියළුම ප්‍රතිචාර වලට මගේ හෘදයාගම ස්තූතිය පුද කරන අතර මෙම කතිකාවත තවත් පුළුල් කිරීම සඳහා මා සූදානමින් සිටින අතර ළඟදීම තවත් ලිපි බලාපොරොත්තු වන්න.

  4. charith permalink
    ජූනි 13, 2008 8:40 පෙ.ව.

    Id like to tell u wt i know.adn i’ve some writings about Rawana.

  5. ජූනි 13, 2008 4:02 ප.ව.

    @ charith, නියමයි! ඔබට පුළුවන්ද ඒවා මගේ විද්‍යුත් තැපැල් ලිපිනයට ලැබීමට සලස්වන්න?

  6. cratnakara permalink
    ජූනි 23, 2008 3:32 ප.ව.

    Hi,
    How to write comments in Sinhalese language ? Please let me know.
    Chethiya.

  7. ජූනි 23, 2008 4:39 ප.ව.

    ආයුබෝවන් චේතීය,
    ඔබට සිංහල භාෂාවෙන් ප්‍රතිචාර දැක්වීමට නම් ඔබ‍ගේ පරිගනකයේ සිංහල යතුරු පුවරුව ස්ථාපනය කරගත යුතුයි.

    එම යතුරු පුවරුව ස්ථාපනය කරගැනීම සඳහා කරුණාකර http://www.siyabas.lk/si/ වෙබ් අඩවිය වෙතට පිවිසෙන්න.

    එමෙන්ම, ‍තවත් විස්තර දැනගැනීමට කරුණාකර http://www.sinhalabloggers.com/sinhala-help/keyboards-typing වෙත පිවිසෙන්න.

    ස්තූතියි.

  8. ඔක්තෝබර් 12, 2008 6:39 ප.ව.

    සිංහයයින්ගේ ආරම්භය කොතනද?එය ආරම්භ වුයේ විජය රජු රජුගෙන්ද? නැතහොත් විජය රජු ඉන්දියාවේ සිට මෙරටට පැමිනන විට ලංකාව නිජභුමිය කරගත් යක්ශ,නාග,දේව හා රාක්ශ ජන වර්ග යන සිවුහෙලයින්ගේ හා විජය රජුගේ පිරිසගේ එකමුතුවෙන්ද?
    මහාවංශයේ සදහන් වනුයේ සිංහල ජන වර්ගය පැවැතෙන්නේ විජය රජුගෙන් බවටය.
    එවිට විජය රජු පැමිනන විට සිටි යක්ශ,නාග,දේව හා රාක්ශ යන සිවුහෙලයින්ට සිදුවුයේ කුමක්ද?
    මෙහිදි මා සිතනුයේ යක්ශ,නාග,දේව,රාක්ශ සිවුහෙලයින්ගේ හා විජය රජුගේ පිරිසගෙන් සිංහල ජන වර්ගය ඇතිවු බවයි.
    එනමි විජය රජු මෙරටට පැමිනන විට ලංකාව නිජභුමිය කරගත් යක්ශ,නාග,දේව හා රාක්ශ ජන වර්ග යන සිවුහෙලයින් සතු සංස්කෘතිය විසින් විජය රජු ගෙනාආ සංස්කෘතියහි යම් යම් දේ අවශෝෂණය කරගෙන සිංහල ජන වර්ගය හා සංස්කෘතිය වර්දනයවි ඇති බවයි. මෙය එක දවසකින් දෙකකින් සිදුවුවක් නොවේ,කාලයක් මුලුල්ලේ සිදුවු පරිණාමයකි.
    අනුරාදපුර යුගයේ සදකඩ පහනේ තිබුනු ගව රුපය පොලොන්නරු යුගයේදි ඉවත් කෙරුනේ දෙමල ජනවර්ගයෙන් කෙරුනු බලපැම් නිසයි. එවගේම සිංහලයන්ගේ (සිවු හෙලයින්ගේ) සංස්කෘතියත් විජය රජුගේ සංස්කෘතියන් ඔපවත් වෙන්න ඇති.

    මෙහිදි සිවුහෙලයින්ගේ සංස්කෘතිය විසින් විජය රජුගේ සංස්කෘතිය අවශෝෂණය කර ගත්තාමිස විජය රජුගේ සංස්කෘතිය තුලට සිවුහෙලයින්ගේ සංස්කෘතිය අවශෝෂණය වුයේ නැත. යම් හෙයකින් ව විජය රජුගේ සංස්කෘතිය තුලට සිවුහෙලයින්ගේ සංස්කෘතිය අවශෝෂණය වුයේ නම් අපද දෙමල වැනි දවිඩ කුලයට අයිති භාෂාවක් කතා කරනු ඇත.එනම් අප වර්තමාන තමිල්නාඩුවේ අනාර්යයන් දවිඩ භාෂාව කතාකල සංකරමණිකයන්ට මුලුමනින්ම අවශෝෂණය වුවා මෙන් අවශෝෂණය වුයේ නැත, එනම් අප දවිඩකරණයට හසු වුයේ නැත එමෙන්ම අහංගම මහතාට1 අනුව සිංහල යනු විජය ගෙනා භාෂාවක් නොවේ. එනම් සිංහල භාෂාව මෙහි සිවුහෙලයින් සන්නිවේදනය සදහා අනාදිමත් කාලයක සිට යොදාගත් භාෂාවයි.
    විජය රජු පැමිනිමට බොහෝ කාලයකට පෙර සිට මෙහි වාසය කල යක්ශ,නාග,දේව හා රාක්ශ යන සිවු හෙලයින් හැදින්විමේ පහසුවතකා සන්දි කර පසුකාලිනව “සිංහල” ලෙස හැදින්වුවා විය හැක. එමෙන්ම මහාචාර්ය නලින් ද සිල්වා මහතාට3
    අනුව සිංහල ජාතියද චින ජාතිය මෙන්ම ලොකයේ ඉතා පැරණිම ජාතියකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS